Jun 8, 2012
වැඩට යන්නේ සාරි ඇදලද?? සුඛෝපභෝගී බස් වලද යන්නේ එන්නේ.. ???
මේ දේ උනේ අද... මම හවස ගෙදර එනකොට,,, ඔයාලට වැදගත් වේවි කියල හිතුන.. දහසකුත් එකක් වැඩ අස්සේ මේ ලියන්නේ එ නිසයි...
මම ආවේ සුඛෝපභෝගී බස් එකක.. දොර පලු දෙකෙට ඇරෙන එක නෙවෙ. තනි පලුවට පිටි පස්සට ඇරෙන දොර තියෙන කෝස්ටර් වර්ගයේ බස් එකක්...
තැන හරියටම කටුබැද්ද සිග්නල් ලයිට් තියෙන තැන.
බස් එක නැවැත්තුව සිග්නල් වැටෙනකල්.. සාරියක් ඇදගත්තු මැදිවයසේ කාන්තාවක් පිටි පස්සේ ඉදන් නැගිටලා ආව..
එයාට ඕනේ උනා සිග්නල් ලයිට් වලට බස් එක නවත්තපු තැනින් බහින්න..
කොන්දොස්තර තැනත් පස්ස එහෙම බලල.. දොර ඇරලා දුන්න මේ කාන්තාවට බහින්න කියල..
ඉතින් ගැහැණු කෙනාත් බස් ඒකෙන් බැස්සා. අව්ලක් නෑ.. කොන්දොස්තර තැන දොරත් වැහුවා..
එතකොටම වැටුනා සිග්නල් ලයිට් එක... කොළ පාට...
බස් එක ඇද්දුවා ඉස්සරහට.. රෝදේ එක පාරක් කැරකෙන්න ඇති..
"දඩස්" ගාල සද්දයක් ආවා.. බස් එක නැවතුනා..
එතනින් එහාට මම කියන්න ඕනේ නෑ..
වෙලා තිබුනේ මෙන්න මේකයි...
ගැහැණු කෙනා ඇදන් උන්නු සාරියේ පොට එයා බහින කොට පාපුවරුවේ ඇදීගෙන නේ එන්නේ..
කොන්දොස්තර තැන දොර වහල තියෙන්නේ ඒ පොට පාපුවරුවේ තියෙන කොට.. ඒ කියන්නේ ඇන්ටි බිම සාරියේ පොට තාම බස් එකේ තියෙන කොට තමයි ලොක්කා දොර වහල තියෙන්නේ...
ඔයාලත් බලාගෙන,,,, කල්පනාවෙන්...
Subscribe to:
Post Comments (Atom)
.jpg)
9 අදහස් උදහස්:
හප්පට සිරි... ඔය වැඩේ බස් එකේදි වෙනවට වැඩිය දරුණු විදියට, මෝටර් බයික් වල, ට්‍රයි ෂෝ වල යද්දි වෙනවා. එතකොට සාරිය කෙලින්ම රෝදෙ අස්සේ...
පොදු ප්‍රවාහනයේ යන ගෑණු උදවියගේ පොදු වැරැද්දක් තියනව. එයාල හිතන්නෙ බස් එකක ඉන්නව කියන්නෙ ගෙදර ඉන්නව කියල. කේෂ කලාපය අනිත් මිණිස්සුන්ගෙ මූනෙ. නෝනල එක තැනක සාරිපොට එක තැනක. මේ වගේ නෝනලගෙ වැරැද්දක් මම තව දැකල තියනව. දිග සායවල් ඇඳගෙන බස්එකෙන් බහින නෝනල සායෙ කෙලවරක් බසයේ තියලයි බහින්නෙ. බස්එක ඇද්දුවත් සොරි, නැත්නම් ඊලඟට බහින මිනිහ සායේ කෙලවරක් පාගගෙන බහින්නෙ. වැඩේ තියෙන්නෙ මේව තේරුම්ගන්න මොකක් හරි වැරැද්දක් වෙනකල්ම ඉන්න එකයි.
සුවර් එකටම සාරි ඇඳලා බස් වල ගිහිල්ල වැඩිය පුරුදු නැති කෙනෙක්
happe oya sari pegila kochchara benum ahala thiyanawada..
Sari pota gena mathak wenne kata hari pegunama thamai
හප්පා !!
ඔයිට අන්තයි බයිසිකලයක රෝදේ අස්සට සාරිය ගියහම !!!
ඒ නිසා කොයිකටත් පරිස්සම් වෙන එක හොදා.
මමනම් දකින්නේ මෙතන තියනවා පනහට පනහේ වගකීමක් දෙපාර්ශ්වයටම. වැඩට යන නෝනලා සමහරවිට උදේ පාන්දර නැගිටලා ( මහත්තයාගේ උදවු ඇතුව හෝ නැතුව) උයලා පිහලා පොඩි අයව පාසලට පිටත් කරලා හෝ ඒ අයවත් අරගෙන තමයි දවසේ යුද්ධයට යන්නේ. ඒ වෙලාවට 'විශාකා තොමෝ පැමිණි විලාසෙන්' එන්න බැහැ. සාරියෙන් හෙළුව වැහිලා තියන නිසා සාරි පොට අකනිටා බ්‍රහ්මලෝකේ තිබුනත් ගානක් නැහැ. (දැනෙන්නෙත් නැහැ කිටි කිටියේ තද වුන බස් එකක/කෝච්චියක) ගානුකම පැත්තක තියලා තමයි වාහනවල යන්ද වෙලා තියෙන්නේ. නමුත් මේ නෝනලා ටිකක් යෝනිසෝමනසිකාරය හෙවත් එළඹ සිටි සිහියෙන් කටයුතු කිරීම සඳහා ටිකක් වැඩ කටයුතු සැලසුම් කරගන්නවානම් සහ වාහනයකින් බසින විට මගේ සාරි පොට දිග සය මා සමග එන්නේද යන්න සොයා බලනවානම් මෙවැනි අනතුරු අඩුවෙනවා. ට්‍රයිෂෝ, මෝටර් බිසිකල්, පුෂ් බයිසිකල් වල ගමන් කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වියයුතු බව මේගොල්ලෝ ඉගෙන ගන්නේ අනතුරකින් පණපිටින් ඉතුරු වුනොත් පමණයි.
වාහන පදවන්නෝ, බස්කාරයෝ කොන්දොස්තාරයෝ කවදාවත් බලන්නේ නැහැ මගියා බැහැලා අයින් වුනාද කියන එක. කොන්දා දොර වහන්නේ පාරේ පසුපසින් බස් එනවද තරගයට කියලා බලාගෙන මිසක් මගියා බස්සාද කියලා බලලා නෙවෙයි.
මුන්ට කොටන්න ගොන් කවඩිවත් නැති එකයි කරුමේ.
අසමි දකිමි සොයමි ලියන විචාරක
Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..වැඩට යනකොට එනකොට විනාඩියක් දෙකක් ඉක්මන් කරගන්න අපි කරන සමහර වැඩ නිසා අපේ ජීවිතේම කෙටිවෙනවා....
ඕ.... සාරී
අම්මෝ... බයික් වල ඔය දේ හරියට වෙනවා... කල්පනාවෙන් හැමදේම කලාම හරි.
Post a Comment